මානව ප්රාග්ධනය, සුබසාධනය සහ සමාජ සාධාරණත්වය
තරුණයින්ට නිපුණතා, කාන්තාවන්ට හා ළමයින්ට ආරක්ෂාව, ක්රීඩාව, දේශීය සුවය සහ වැඩිහිටියන්ට ගෞරවය.
7 ඉලක්ක
5 ක්රියාත්මක කළ වැඩසටහන්
මෙම ක්ෂේත්රයේ අපගේ ඉලක්ක
මෙම ක්ෂේත්රය සඳහා පදනම තබා ඇති දිගුකාලීන ඉලක්ක මේවාය.
- 01
කිරි මව්වරුන් විදේශ රටවල ගෘහ සේවයට යනවා වෙනුවට, රටේ තරුණයින් ඉහළ තාක්ෂණික සහ ගෝලීය අවශ්යතා මත වෘත්තිකයන් ලෙස බිහි කිරීම.
- 02
කාන්තා හිංසනය, ලිංගික අල්ලස සහ ළමා අපචාර නැවැත්වීම.
- 03
ඉහළ ක්රීඩා දක්ෂතා ඇති දරුවන් උදෙසා සෑම දිස්ත්රික්කයකම ක්රීඩා මණ්ඩප පිහිටුවීම.
- 04
දේශීය පංචකර්ම ආයුර්වේද සත්කාරය.
- 05
විශ්රාම සුවයෙන් පසුවන, මහා දැනුම් සම්භාරයක් සහ පරිණතභාවයක් ඇති වැඩිහිටියන්ගේ කැමැත්තෙන් සමාජයට වැඩදායී වැඩමුළු, දේශන සහ මගපෙන්වීම් සංවිධානය කිරීම.
- 06
මාර්ග අවභාවිතය සහ වේගයෙන් ධාවනය වැළැක්වීම.
- 07
මරණාධාර සමිති තුළම ජීවන ආධාර ක්රමයක් පිහිටුවීම.
මෙම ක්ෂේත්රයේ මෙතෙක් අප කළ කටයුතු
2026 ඔක්තෝබර් 8 · ගමේවෙල වත්ත, බඩල්කුඹුර
නායයෑම් පූර්ව සූදානම - ගමේවෙල වත්ත
තවත් විස්තර
2026 ඔක්තෝබර් 6 · බටහෙලයාය, වැල්ලවාය
නායයෑම් පෙරහුරු වැඩසටහන - බටහෙලයාය
තවත් විස්තර
2023 · පොසොන් උත්සවය
පොසොන් ආගමික සහජීවනය
තවත් විස්තර
තරගාවලි සහ සජීවී තරග නැරඹීම
තරුණ ක්රීඩා දක්ෂතාවලට සහාය
තවත් විස්තර
2020 · කොවිඩ් වසංගතය
කොවිඩ් ආහාර සහන
තවත් විස්තරඅපගේ අනෙකුත් ප්රධාන ක්ෂේත්ර
පාරිසරික සමතුලිතතාවය සහ වනජීවී සහජීවනය
පුනර්ජනනීය බලශක්තිය, අලි-මිනිස් ගැටුමට තිතක් සහ සොබාදහමට ලැදි පිරිසිදු ප්රජාවක්.
කාර්මික හා ආර්ථික ස්වෛරීභාවය
යපස් තුළින් රැකියා, දේශීය නිෂ්පාදනය, ධීවර කර්මාන්තය, සංචාරක ව්යාපාරය සහ පුළුල් අපනයන වෙළඳපොළ.
කෘෂි-තාක්ෂණය සහ ආහාර ස්වෛරීභාවය
ගොවීන්ට වඩා හොඳ බීජ, විශ්වාසනීය ආහාර ප්රමිති සහ ගොවියා හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධය.
ඔබටත් අත දිය හැකි ආකාරය
පරිත්යාග බැංකු පැවරුමකින් කළ හැක. තැන්පතු පත්රිකාව අපට එවූ විට අපි රිසිට්පතක් එවන්නෙමු.
- 01
ඔබට හැකි ඕනෑම මුදලක් පදනමේ ගිණුමට බැර කරන්න.
- 02
පැවරුමේ යොමු සටහනේ ඔබේ නම සහ ඔබ සහාය වීමට කැමති වැඩසටහන හෝ ක්ෂේත්රය සඳහන් කරන්න.
- 03
තැන්පතු පත්රිකාව අපට එවන්න; අපි නිල රිසිට්පතක් එවන්නෙමු.