කාර්මික හා ආර්ථික ස්වෛරීභාවය
යපස් තුළින් රැකියා, දේශීය නිෂ්පාදනය, ධීවර කර්මාන්තය, සංචාරක ව්යාපාරය සහ පුළුල් අපනයන වෙළඳපොළ.
8 ඉලක්ක
මෙම ක්ෂේත්රයේ අපගේ ඉලක්ක
මෙම ක්ෂේත්රය සඳහා පදනම තබා ඇති දිගුකාලීන ඉලක්ක මේවාය.
10,000+
යපස් තුළින් රැකියා ඉලක්කය
- 01
අති දැවැන්ත යපස් නිධිය තුළින් සෘජු ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ දස දහසකට අධික රැකියා බිහි කිරීම.
- 02
ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදාව සමඟ එක්ව මෙරට ඇති යකඩ යොදාගෙන රටට අවශ්ය කුඩා බෝට්ටු, ට්රෝලර් යාත්රා සහ ගුවන් යානා නිෂ්පාදනය කිරීම හා දේශීය ගුවන් ගමන් ආරම්භ කිරීම.
- 03
රටට අවශ්ය දෛනික ඉල්ලුමෙන් භාගයක් සපුරාලීම සඳහා මහා පරිමාණ සැමන් කර්මාන්ත නෞකාවක් මිලදී ගැනීම.
- 04
අපනයනය ඉහළ නැංවීම උදෙසා කර්මාන්ත නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් දිරිමත් කර ලෝක වෙළඳපොළ හඳුන්වා දීම.
- 05
ශ්රී ලාංකික ආබාධිත පුද්ගලයන්ගේ භාණ්ඩ සඳහා සෘජු අපනයන වෙළඳපොළ ජය ගැනීමට උදව් කිරීම.
- 06
දිවයින පුරා පැවැත්වෙන දින දෙකක මහා පොළවලට අපනයනය සඳහා කුඩා කර්මාන්තකරුවන් සහභාගී කරවීම සහ දේශීය පාරිභෝගිකයාට සහනදායී ලෙස භාණ්ඩ සෘජුවම මිලදී ගැනීමේ හැකියාව ලබා දීම.
- 07
ශ්රී ලංකාවේ ගුවන්තොටුපළ සහ ගුවන් යානා ආංගන පහසුකම් පුළුල් කර, ලෝකයේ ඉහළ පෙළේ ගුවන් සමාගම් සමඟ එක්ව රටවල් සඳහා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම.
- 08
විදේශිකයන් ගෙන්වා ගැනීම සඳහා ආකර්ෂණීය පැකේජ සහ වීසා ක්රම හඳුන්වා දෙමින් ඉහළ ආදායම් ඉලක්කය සපුරා ගැනීම.
මෙම ක්ෂේත්රයේ මෙතෙක් අප කළ කටයුතු
මෙම ක්ෂේත්රය යටතේ වැඩසටහන් සැලසුම් කෙරෙමින් පවතී.
අපගේ අනෙකුත් ප්රධාන ක්ෂේත්ර
පාරිසරික සමතුලිතතාවය සහ වනජීවී සහජීවනය
පුනර්ජනනීය බලශක්තිය, අලි-මිනිස් ගැටුමට තිතක් සහ සොබාදහමට ලැදි පිරිසිදු ප්රජාවක්.
කෘෂි-තාක්ෂණය සහ ආහාර ස්වෛරීභාවය
ගොවීන්ට වඩා හොඳ බීජ, විශ්වාසනීය ආහාර ප්රමිති සහ ගොවියා හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධය.
මානව ප්රාග්ධනය, සුබසාධනය සහ සමාජ සාධාරණත්වය
තරුණයින්ට නිපුණතා, කාන්තාවන්ට හා ළමයින්ට ආරක්ෂාව, ක්රීඩාව, දේශීය සුවය සහ වැඩිහිටියන්ට ගෞරවය.
ඔබටත් අත දිය හැකි ආකාරය
පරිත්යාග බැංකු පැවරුමකින් කළ හැක. තැන්පතු පත්රිකාව අපට එවූ විට අපි රිසිට්පතක් එවන්නෙමු.
- 01
ඔබට හැකි ඕනෑම මුදලක් පදනමේ ගිණුමට බැර කරන්න.
- 02
පැවරුමේ යොමු සටහනේ ඔබේ නම සහ ඔබ සහාය වීමට කැමති වැඩසටහන හෝ ක්ෂේත්රය සඳහන් කරන්න.
- 03
තැන්පතු පත්රිකාව අපට එවන්න; අපි නිල රිසිට්පතක් එවන්නෙමු.