කෘෂි-තාක්ෂණය සහ ආහාර ස්වෛරීභාවය
ගොවීන්ට වඩා හොඳ බීජ, විශ්වාසනීය ආහාර ප්රමිති සහ ගොවියා හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධය.
3 ඉලක්ක
1 ක්රියාත්මක කළ වැඩසටහන්
මෙම ක්ෂේත්රයේ අපගේ ඉලක්ක
මෙම ක්ෂේත්රය සඳහා පදනම තබා ඇති දිගුකාලීන ඉලක්ක මේවාය.
- 01
නවීන කෘෂි තාක්ෂණය යොදා ගනිමින් ඉහළ ඵලදායිතාවයකින් යුත්, පසට සරිලන නිසි බීජය ගොවීන්ට ලබා දීම.
- 02
රටේ ආහාර සුරක්ෂිතභාවය සහ විශ්වාසය පිළිබඳ ප්රමිතිකරණයක් ඇති කිරීම.
- 03
ගොවියා සහ පාරිභෝගිකයා එක් කිරීම.
අපගේ අනෙකුත් ප්රධාන ක්ෂේත්ර
පාරිසරික සමතුලිතතාවය සහ වනජීවී සහජීවනය
පුනර්ජනනීය බලශක්තිය, අලි-මිනිස් ගැටුමට තිතක් සහ සොබාදහමට ලැදි පිරිසිදු ප්රජාවක්.
කාර්මික හා ආර්ථික ස්වෛරීභාවය
යපස් තුළින් රැකියා, දේශීය නිෂ්පාදනය, ධීවර කර්මාන්තය, සංචාරක ව්යාපාරය සහ පුළුල් අපනයන වෙළඳපොළ.
මානව ප්රාග්ධනය, සුබසාධනය සහ සමාජ සාධාරණත්වය
තරුණයින්ට නිපුණතා, කාන්තාවන්ට හා ළමයින්ට ආරක්ෂාව, ක්රීඩාව, දේශීය සුවය සහ වැඩිහිටියන්ට ගෞරවය.
ඔබටත් අත දිය හැකි ආකාරය
පරිත්යාග බැංකු පැවරුමකින් කළ හැක. තැන්පතු පත්රිකාව අපට එවූ විට අපි රිසිට්පතක් එවන්නෙමු.
- 01
ඔබට හැකි ඕනෑම මුදලක් පදනමේ ගිණුමට බැර කරන්න.
- 02
පැවරුමේ යොමු සටහනේ ඔබේ නම සහ ඔබ සහාය වීමට කැමති වැඩසටහන හෝ ක්ෂේත්රය සඳහන් කරන්න.
- 03
තැන්පතු පත්රිකාව අපට එවන්න; අපි නිල රිසිට්පතක් එවන්නෙමු.