පාරිසරික සමතුලිතතාවය සහ වනජීවී සහජීවනය
පුනර්ජනනීය බලශක්තිය, අලි-මිනිස් ගැටුමට තිතක් සහ සොබාදහමට ලැදි පිරිසිදු ප්රජාවක්.
3 ඉලක්ක
2 ක්රියාත්මක කළ වැඩසටහන්
මෙම ක්ෂේත්රයේ අපගේ ඉලක්ක
මෙම ක්ෂේත්රය සඳහා පදනම තබා ඇති දිගුකාලීන ඉලක්ක මේවාය.
- 01
ජාතික පුනර්ජනනීය බලශක්ති සංග්රාමය.
- 02
අලි-මිනිස් ගැටුමට තිතක්.
- 03
කැලිකසල බැහැර කිරීම, ප්රතිචක්රීකරණය සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම දක්වාම ශ්රී ලාංකිකයන්ගේ මානසික මට්ටම ඉහළ නංවා සොබාදහමට ලැදි පිරිසක් බිහි කිරීම.
මෙම ක්ෂේත්රයේ මෙතෙක් අප කළ කටයුතු
බුත්තල-කතරගම මාර්ගය
යාල හරහා ආරක්ෂිත ගමන
බුත්තල-කතරගම මාර්ගයේ යාල රක්ෂිත වනය හරහා ගමන් කරන්නන්ට අලි ඇතුන් හා අනෙකුත් සතුන්ගෙන් අනතුරකින් තොරව, ආරක්ෂිතව හා සතුටින් ගමන් කිරීමට අවස්ථා කිහිපයකදීම නොමිලේ උපදෙස් හා සේවා සැපයීම.
තවත් විස්තර
ප්රජා දැනුවත් කිරීමේ වැඩසටහන්
පිරිසිදු නිවස, පිරිසිදු පරිසරය
අපද්රව්ය තුළින් පරිසරයට හා සමාජයට සිදුවන අහිතකර බලපෑම සහ ගෙවත්ත පවිත්රව තබා ගැනීමෙන් ලැබෙන පිරිසිදු, ක්රමවත් ජීවන රටාවේ වාසි පිළිබඳව දැනුවත් කිරීම.
තවත් විස්තරඅපගේ අනෙකුත් ප්රධාන ක්ෂේත්ර
කාර්මික හා ආර්ථික ස්වෛරීභාවය
යපස් තුළින් රැකියා, දේශීය නිෂ්පාදනය, ධීවර කර්මාන්තය, සංචාරක ව්යාපාරය සහ පුළුල් අපනයන වෙළඳපොළ.
කෘෂි-තාක්ෂණය සහ ආහාර ස්වෛරීභාවය
ගොවීන්ට වඩා හොඳ බීජ, විශ්වාසනීය ආහාර ප්රමිති සහ ගොවියා හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධය.
මානව ප්රාග්ධනය, සුබසාධනය සහ සමාජ සාධාරණත්වය
තරුණයින්ට නිපුණතා, කාන්තාවන්ට හා ළමයින්ට ආරක්ෂාව, ක්රීඩාව, දේශීය සුවය සහ වැඩිහිටියන්ට ගෞරවය.
ඔබටත් අත දිය හැකි ආකාරය
පරිත්යාග බැංකු පැවරුමකින් කළ හැක. තැන්පතු පත්රිකාව අපට එවූ විට අපි රිසිට්පතක් එවන්නෙමු.
- 01
ඔබට හැකි ඕනෑම මුදලක් පදනමේ ගිණුමට බැර කරන්න.
- 02
පැවරුමේ යොමු සටහනේ ඔබේ නම සහ ඔබ සහාය වීමට කැමති වැඩසටහන හෝ ක්ෂේත්රය සඳහන් කරන්න.
- 03
තැන්පතු පත්රිකාව අපට එවන්න; අපි නිල රිසිට්පතක් එවන්නෙමු.