තවත් විස්තර

වෙබ් අඩවියේ අන්තර්ගතය සංවිධානයේ සමාලෝචනය සඳහා බලා සිටී.

හදිසි සහන

කොවිඩ් ආහාර සහන

2020 · කොවිඩ් වසංගතය

දිනය
2020
මාතෘකාව
හදිසි සහන
ඡායාරූප සහ වීඩියෝ
12 ඡායාරූප

මෙම වැඩසටහන ගැන

2020 වසරේ ලෝකයම මුහුණ දුන් මහා ව්‍යසනයක් වූයේ කොවිඩ් වසංගතයයි. එය ශ්‍රී ලාංකික ජනතාවගේද ජන ජීවිතය අවුල් කළේය. රැකීරක්ෂා අහිමි වීමෙන් ජීවිකාව සරිකර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු වූ අතර, ගොවිතැන්, ධීවර සහ කම්කරු රැකියා අහිමි වීමෙන් ජනයාගේ ජීවිත පහළටම ඇද වැටුණි. ඊළඟට එළඹියේ ජීවත්වීම සඳහා කුසගින්න සමඟ පොරබැදීමයි.

එදිනෙදා ජීවනාලිය සරිකර ගත් මිනිසුන්ට මුහුණ දීමට සිදු වූයේ රෝග බිය පමණක් නොව කුසගින්නද සමඟයි. ඒ මොහොතේ අපට දැනුණු කම්පනය තුළින්ම පරිත්‍යාගශීලී ආහාර බෙදාදීමේ වැඩසටහන බිහි විය.

පුද්ගලයන් සහ ආයතන අතර සම්බන්ධතා ඇණහිට තිබූ මොහොතක, පෞද්ගලික පරිත්‍යාග මගින් පවුල් 500ක් වෙත ආහාර මලු සාර්ථකව ප්‍රදානය කෙරිණි. පවුල් සිය ගණනක කුසගින්න තාවකාලිකව හෝ නිවා දැමීමට හැකි වීම මහා භාග්‍යයකි.

ඡායාරූප සහ වීඩියෝ

12 ඡායාරූප