මෙම වැඩසටහන ගැන
2026/10/08 වන දින මොණරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමේවෙල වත්ත ග්රාමයේදී, ඉදිරි එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි නායයෑම් ආපදාවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එහි ජීවත් වන පවුල් 62ක් සමඟ පැවැත්විණි.
ගමේවෙල වත්ත ආසන්නයේම ඇති ගමේවෙල දෙමළ විදුහල සුරක්ෂිත මධ්යස්ථානයක් ලෙස හඳුන්වා දෙන ලද අතර, උපදෙස් මාලාවක් සහ එම ප්රදේශයේ වාසය කරන අඩු ආදායම්ලාභී වතු දෙමළ ජනතාව සඳහා ක්රියාකාරී සැලැස්මක්ද හඳුන්වා දෙන ලදී.
නේචර් වීව් ෆවුන්ඩේෂන් හි ක්රියාකාරී සාමාජිකයින් එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, මොණරාගල දිස්ත්රික් ආපදා කළමනාකරණ අධ්යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් අතිසාර්ථකව අවසන් විය.
ඡායාරූප සහ වීඩියෝ
12 ඡායාරූප · 2 වීඩියෝ